පියාණනි
ඉපදුන දා සිත සතුටෙන් පිරෙන් ඇති
ලොකුවන දා සුභ සිහිනය දකින් ඇති
ලඟනැති දා හද සෝකෙන් හඬන් ඇති
ඔබ නැති දා මගෙ ලෝකයෙ සවිය නැති
රජ කුමරෙකු කරවන්නට දිරි දුන්නා
කොදු ඇට පෙල නොනමන්නට සවි ලැබුනා
දිවි ගමනට නිසි ඔවදන් මට දෙමිනා
ජය කනුවෙත ඔබ සමගින් මා ඇදුනා
අවසන් මොහොතෙ ලඟ ඉන්නට බැරැව ගියා
වරදක් කල බවෙන් හදවත පිපිර ගියා
සොයුරත් මමත් ඔබ පැතු ලොව එකලු කලා
ජාතිත් ඔබට මොක් සුව අද පතමි මෙමා
නිවන් සැප ලැබේවා පියානෙනි
ලොකු පුතා
මද්දුවා නොහොත් සිරී
පියා නන් ගැන කවි ගී ලියැවෙනවා අඩු වුනත් ඔහු අපේ ජීවිත වලට වඩාත් වැදගත් චරිතයක්.
ReplyDeleteපිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදී කියලා කියන්නේ ඒකනේ. ලස්සනයි මැක්ස් කවිය..
ReplyDeleteලස්සනයි sri අයියේ
ReplyDeleteමාත් ලියලා තියෙනවා පුළුවන් තරම්,,, මවුගුණ වලටත් වඩා පියගුණ ගැන,,
සියලු දෙනාටම බොහොම ස්තුතියි .
ReplyDeleteමගේ අම්ම නැති උනාට පස්සේ මගේ තාත්ත තමා මාවයි මල්ලිවයි බලා ගත්තේ. කවදාවත් කිසිම අඩු පාඩුවක් නොකර අම්ම නැති අඩුව දැනෙන්න නොදී බලා ගත්ත.
තාත්ත නැති වෙද්දී මම හිටියේ රට. නැති උන ගමන් මම ආව ලංකාවට . එත් මට අවසන් මොහොතේ තාත්ත ලග ඉන්න බැරි උනා. ඒ හැගීම මගේ හිත නිතරම පාරනවා. එකයි මේක ලියන්න හේතු වුනේ.
හ්ම්ම්,,, :( ඔයා දීපු උපදෙස් අමතක නැහැ ,
Delete