Sunday 2 March 2014

පියාණනි



ඉපදුන දා සිත සතුටෙන් පිරෙන් ඇති
ලොකුවන දා සුභ සිහිනය දකින් ඇති
ලඟනැති දා හද සෝකෙන් හඬන් ඇති
ඔබ නැති දා මගෙ ලෝකයෙ සවිය නැති

රජ කුමරෙකු කරවන්නට දිරි දුන්නා
කොදු ඇට පෙල නොනමන්නට සවි ලැබුනා
දිවි ගමනට නිසි ඔවදන් මට දෙමිනා
ජය කනුවෙත ඔබ සමගින් මා ඇදුනා 

අවසන් මොහොතෙ ලඟ ඉන්නට බැරැව ගියා
වරදක් කල බවෙන් හදවත පිපිර ගියා
සොයුරත් මමත් ඔබ පැතු ලොව එකලු කලා
ජාතිත් ඔබට මොක් සුව අද පතමි මෙමා

නිවන් සැප ලැබේවා පියානෙනි
ලොකු පුතා

මද්දුවා නොහොත් සිරී

5 comments:

  1. පියා නන් ගැන කවි ගී ලියැවෙනවා අඩු වුනත් ඔහු අපේ ජීවිත වලට වඩාත් වැදගත් චරිතයක්.

    ReplyDelete
  2. පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදී කියලා කියන්නේ ඒකනේ. ලස්සනයි මැක්ස් කවිය..

    ReplyDelete
  3. ලස්සනයි sri අයියේ

    මාත් ලියලා තියෙනවා පුළුවන් තරම්,,, මවුගුණ වලටත් වඩා පියගුණ ගැන,,

    ReplyDelete
  4. සියලු දෙනාටම බොහොම ස්තුතියි .
    මගේ අම්ම නැති උනාට පස්සේ මගේ තාත්ත තමා මාවයි මල්ලිවයි බලා ගත්තේ. කවදාවත් කිසිම අඩු පාඩුවක් නොකර අම්ම නැති අඩුව දැනෙන්න නොදී බලා ගත්ත.
    තාත්ත නැති වෙද්දී මම හිටියේ රට. නැති උන ගමන් මම ආව ලංකාවට . එත් මට අවසන් මොහොතේ තාත්ත ලග ඉන්න බැරි උනා. ඒ හැගීම මගේ හිත නිතරම පාරනවා. එකයි මේක ලියන්න හේතු වුනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,,, :( ඔයා දීපු උපදෙස් අමතක නැහැ ,

      Delete