Thursday 9 January 2014

සිරි අයියාගෙන් හිතන්න යමක්

---------------------------------------------------------------------------------------------------
මේකේ ඉන්නේ ගොඩක්ම තරුණ අය නිසා පොඩි දෙයක් කියන්න හිතුනා, මේක ඔයාලගේ විවාහය ගැනයි . ඔයාලගේ වෙඩින් එක දවසේදී එකට සාක්ෂි විදිහට දෙපැත්තෙන් දෙන්නෙක් අත්සන් කල යුතුයි .
අන්න ඒ වැඩේට මම යෝජනා කරනවා ඔයාලගේ අම්ම හරි තාත්ත හරි ගන්න කියල . තාත්ත නම් වඩා හොදයි . 
මගේ වෙඩින් එකේ අත්සන් කලේ මගේ තාත්තයි , නෝනගේ තාත්තයි . අපේ ජීවිත වල වැඩියෙන්ම වටිනා කෙනා තමයි අම්ම සහ තාත්තා . එයාල තමයි අපිව අමාරුවෙන් කවල පොවල උස් මහත් කලේ. අපි අපේ ජීවිතේ වැදගත්ම අවස්තාවක එයාලව අයින් කරලා කොහෙවත් ඉන්න හොර දේශපාලකයෙක් හරි, සල්ලි කාරයෙක් හරි එහෙමත් නැත්තම කොම්පැනියේ GM මහත්තය හරි ,වෙන කවුරු හරි ගෙනල්ල සාක්ෂි විදිහට අත්සන් කරෝ ගන්නවා, උන් එදාට විතරයි එන්නේ, ආය පැත්ත පළාතේ එන්නේ නෑ , අපිට අමාරු වෙලාවට උදවු ගන්න ගියොත් උන් දුවනවා. එහෙම එවුන් තමයි ගොඩක් ඉන්නේ.
එත් අපේ දෙමාපියෝ එහෙම නෑ . විවාහ උනාට පස්සෙත් අපි ගැන හොයල බලල උදවු කරනවා. අපේ ජීවිත ගැන වද වෙනවා.
ඒ වගේම එයාල අපි වෙනුවෙන් කරපු කැප වීමට , මහන්සියට . උත්සාහය වෙනුවෙන් අපේ සියලුම යාලු මිත්‍රයින් , නෑදැයින් , හිත මිතුරන් ඉස්සරහ එයාලට ඒ තැන ලබා දීමෙන් අම්මල තාත්තල කොච්චර සතුටක් ලබනවද , ආඩම්බර වෙනවද කියල මම මගේ ඇස් දෙකෙන් දැක්ක. ඒ වෙලාවේ තාත්තගේ තිබ්බ හැගීම මට හිතා ගන්න බෑ . මාර සතුටුයි, ආඩම්බරයි . තාත්තල දෙන්නම එහෙමයි .
මට හිතුනා, තාත්තා මම වෙනුවෙන් කරපු කැපවීමට පොඩි හරි වටිනාකමක් ලබා දුන්න වගේ , නැත්තන් ලොකු ණයක් ගෙවල දැම්ම වගේ දෙයක්. ඒක මාරයි, මම මුලින් ලොකුවට හිතුවේ නෑ . එත් පස්සේ තමයි තේරුනේ අපි දෙන්න කරපු දේ කොච්චර වටිනවද කියල .
ඒ නිසා මගේ නංගිලා මල්ලිලා හැම කෙනාගෙන්ම ඉල්ලා සිටිනවා පුළුවන් නම් ඒ අවස්තාව අම්මට හෝ තාත්තට ලබා දෙන්න. අපේ ජීවිත වලට අපේ දෙමාපියෝ තරම් සාක්කියක් ලොවෙත් නෑ .
මම ඒ දේ කරලා දැකල තමයි මේ ඔයාලට කියන්නේ. කරන්න පුළුවන් බැරි කමක් නෑ , හරිම ලේසියි . අනික ලොකු ලොකු එවුන් පස්සේ යන්න ,උන්ගේ වෙලාවල් බුක් කර ගන්න, උන්ට වෙනම ස්පෙෂල් ටේබල් හදල තියන්න, ඔය මොකුත් ඕන නෑ . අම්මයි තාත්තයි ඕනෑ වෙලාවක ළග , ආර්ථික සහ කාලය අතිනුත් ලේසියි පහසුයි . 
---------------------------------------------------------------------------------------------
පොඩ්ඩක් හිතල බලන්නකෝ මම කියන දේ. ඔයාල මේකේ මෙහෙම හිටියට කවද හරි කොහොම හරි විවාහ වෙනවා, එදාට කරන්න උපදෙසක් අද මගෙන් 
ජය ශ්‍රී


මද්දුවා නොහොත් සීරී 

2 comments:

  1. යකඩෝ සිරි අයියා කසාද බැඳලා ඒ කියන්නේ. අපිට ඉතිං කෙල්ලෙක් හොයා ගන්න ඕන සේරටම කලින්.

    ReplyDelete
  2. සිගරට් එකක් බොනවා අම්මා දැනගත්තත් ඔච්චරයි... :3..

    ReplyDelete