Tuesday, 7 January 2014
කොන් වූ දොස්තර සිහිනය
කෙමෙස්ට්‍රි ලැබ් එකේ ලොකු ලොකු වැඩ ....දැමුවා
බොට්නි කියලා සයිල රූප ඇද ............තිබුවා
පිසික්ස් වලින් හදටත් අපි දුර ..............කිවුවා
දොස්තර විබාගේත් කලකදී මම ..........ලිවුවා
දොළහ වසරේ ඇවිද්දේ දොස්තර ..........වාගෙයි
දහතුන වෙද්දී සැර ඩිංගක් බාල ................උනයි
අගෝස්තුවේදී පන්සල් වල පිහිට ..............තමයි
රිසාල්ට් එද්දී කොන්දොස්තර කමත් ..........හොදයි
ෂෝට් නෝට් ගහලයි පාඩම් ..............කෙරුවේ
රෑට නිදිමරන් දවල්ට නිදි ....................කිරුවේ
ගෙදර අයට මහ සද්දෙට කෑ .................ගැහුවේ
දොස්තර උන පසු පෙති දෙන හැටි ..........කිවුවේ
කැම්පස් යන්න ලකුණු දෙකක් මදිව .......ගියා
නැන්දම්මගේ දුව ඇවිදින් කියල ............ගියා
ගණන් හදල බැලුවම මගේ රිසල්ට් .........දයා
අතින් දෙසීයක් දැම්මත් මදියි .............මෙයා
සිරි මද්දුවා
Subscribe to:
Post Comments (Atom)
එල එකක් සිරි අයියේ එල එකක්
ReplyDeleteඔබගේ ලියවිල්ල හරිම රසවත් ,,,
ReplyDelete//කෙමෙස්ට්‍රි ලැබ් එකේ ලොකු ලොකු වැඩ ....දැමුවා
බොට්නි කියලා සයිල රූප ඇද ............තිබුවා
පිසික්ස් වලින් හදටත් අපි දුර ..............කිවුවා
දොස්තර විබාගේත් කලකදී මම ..........ලිවුවා///
හරිම රසවත් ...
අඩ්ඩඩ්ඩා පට්ට පට පට එල එකක් සිරි අයියා එල එකක්
ReplyDeleteහෑ .. එකෙන්ම තන්කුයිස් ඈ ...
ReplyDeleteජය ශ්‍රී