Sunday 2 February 2014

වෙන්වීම


ලොකු වෙන්න වෙන්න
ලස්සන වෙන්න වෙන්න
සුවඳ වැඩි වෙන්න වෙන්න
මම සල්ලි දීල ගත්ත 
මම පොහොර දාල හදපු
උදේ හවස වතුර දාල 
රැක බලා ගත්ත 
මගේ මල් කැකුළ
මම වැඩ ඉවර වෙලා ගෙදර එද්දි
ඈතින් හිටපු ඉර දිහාට හැරිල
මට අදහ ගන්නත් බෑ
ඒත් ඇත්තයි...
ඉරේ උනුසුම මට වඩා ලංවෙලා,,,,,,,,,,,,,
මම ලෑස්තියි
අලුත් මල් පැලයක් ගේන්ඩ නෙමේ
මගේ මලට 
ඉරේ උනුසුම විදින්න දීල 
පැත්තකට වෙන්න 
ඒත්.......
කව්ද එතකොට වතුර දාන්නෙ
කව්ද පොහොර දාන්නෙ
කව්ද රැකවරණය දෙන්නෙ
ඉර එන්නෙ උනුසුම දෙන්න විතරක් බව
මගේ මලට වැටහෙන දවසට.......
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


සිරියා නොහොත් මද්දුවා

7 comments:

  1. අනිත් ඒවත් දායි.. කළබල වෙන්නේ එපා...

    ReplyDelete
  2. හිරු නැති ලොවක් නැත

    ReplyDelete
  3. ඔය සුරිය කාන්තා පලේ ගලෝලා විසිකරලා වෙසක් මල් ගහක් හිටෝගන්න කීවානේ බිම බලාගෙන ඉදි ... :)

    හොද අදහසක් sri අයියේ ,, දිගටම ලියන්න

    ReplyDelete
  4. අන්තිමේ ඔහොම තමයි බං..

    ReplyDelete
  5. "mal wala hati ohoma thamai...wadiya hiyhanna epa ane..." lassana adahas tika aiye

    ReplyDelete
  6. මල් ගැන ඕනවට වඩා කලබල වෙන්න ගියොත් මල් ගහන්න තමයි වෙන්නේ :D

    නියමයි. දිගටම ලියපන්..

    ReplyDelete