Monday 27 January 2014

මනුස්සකමක් ඇති නිර්මාණශීලී සැලසුම් කරුවන්ට ආරාධනාවක්



මතකනේ අපි "මනුස්සකමෙන් වැලිකන්දට පුස්තකාලයක් " කියල ෆේස් බුකිය හරහා ඉවෙන්ට් එකක්  කලා. එකට අලුත් කොටසක් තව තියේ. වැලිකන්දේ පුස්තකාලය සැදීමට අපිට ඉඩමක් ලැබිලා තියනව මේ වෙනකොට. අපිට එහි ගොඩ නැගිල්ලක් සැදීමට 
බාහිර අංශයක්, විමර්ශන අංශයක්, අධ්‍යයන අංශයක්, පරිගණක ඒකකයක්, පුවත්පත් කියවන ස්ථානයක්, පොත් සංරක්ෂණය කරන ස්ථානයක්, පරණ පොත් පත්තර ගබඩා කළ හැකි තැනක්, විවේක කාමරයක්, කුඩා ප්‍රමාණයේ ශ්‍රවණාගාරයක්, වැසිකිළි පහසුකම් සහ ආබාධිත පිවිසුම් පහසුකම් සහිත කුඩා ප්‍රමාණයේ පුස්තකාලයකට සුදුසු වඩා හොඳ සැලසුමක් අවශ්‍යයි. 

දැන් මේකේ ඉන්නවනේ අපේ එක එක විදිහේ දක්ෂයෝ. මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි පණිවිඩයක් දෙන්න මට. 

                    
හැබැයි මේක මුදල් අය කිරීමකින් තොරව කරලා දෙන්න ඕනේ. අපි ලොකු පුණ්‍ය කර්මයක් කරන්නේ මේ. ඉතින් මුදල් ගැන බලන්නේ නැතිව සුදුසු සැලසුමක් හදල දෙන්න පුළුවන් නම් ලොකු පිනක්. උදවුවක්. 
මුදල් වලින් ගොඩනැගිල්ල හදා ගන්න ඕනේ. ඒ නිසා නොමිලයේ මේ වැඩේ කරලා දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොදයි .

දැනට අපි පොත් 3,000 ක් විතර එකතු කරලා තියේ.


 එක කලේ කවදාවත් දැකල නැති බුකිය හරහා අදුනාගත් ෆේක් අපේ යාලුවන්ගේ එකමුතුවෙන්,  හරියටම මාසයයි එක සතියක් ඇතුලත් ඉවෙන්ට් එක ඉවර කළා. පොත් 3000 ක් පමණ එකතු කලා. ඊට අමතරව අනික් අයත් පොත් එකතු කරලා තියනව. ත්‍රස්තවාදයෙන් අවුරුදු 30ක් තිස්සේ බැට කෑ පළාතකට කරන උදවුවක් මේක. 
අවුරුදු 30 ක් කියන්නේ සුළු පටු කාලයක් නෙමේ. ඒ පළාත් වල ජීවත් වෙන ගොඩක් ළමයි ඉපදුනේ වෙඩි හඬ මැද . ජීවත් උනේ බෝම්බ සද්දේ එක්ක. පාසලක් , පොතක් , කොම්පුටර් එකක් ගැන කෙසේ වෙතත් තමන්ගේ ජීවිතේ බේරා ගැනීමේ සටනක ජීවත් උන පිරිසක් . 

මේ දේවල් රජයේ මැදිහත්වීමෙන් කරලා දිය යුතු වැඩ. එත් දැන් ඇතිවෙලා තියන තත්ත්වේ එක්ක දේශපාලනය ගැන සහ රජයේ දේවල් කතා කිරීම වෙලාව නාස්ති කිරීමක් . අපිට පුළුවන් විදිහට අපි උදවු කරමු යාලුවනේ, මේක කරන්න පුළුවන් අපිට. ටිකෙන් ටික උදවු කරලා මනුස්සකමේ පුස්තකාලය හදන්න අපිට සහය  වෙන්න.
අපේම සොයුරු සොයුරියන් වෙනුවෙන් සිංහල , දමිල , මුස්ලිම්, බර්ගර් බේදයක් නැතිව මනුස්සකම නාමයෙන් කරන කටයුත්තක්. 

ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවනම්, මේක දැක්කම නොදැක්ක වගේ යන්නේ නැතිව අපිට උදවුවක් කරන්න කියල ඉල්ලා සිටිනවා. 

ඒ සදහා මාව සම්බන්ද කර ගන්න මගේ ෆේස් බුක් ගිණුමට මැසේජ් එකක් එවන්න. (sri maddumage maksitha) 

තෙරුවන් සරණයි 


ජය ශ්‍රී

4 comments:

  1. නියමයිනේ ශ්‍රී අය්යේ. ඒ පොඩි උත්සාහය මෙච්චර දුරක් එයි කියලා හිතුවේ නෑ. ගොඩාක් සතුටුයි

    ReplyDelete
  2. හොද වැඩක්.. ඇත්තටම සතුටුයි මේ දේවල් ගැන..

    ReplyDelete
  3. උඹලාට ධෛර්ය‍ය හා ශක්තිය ලැබේවා.

    ReplyDelete
  4. ඔව් . අපි පුංචියට පටන් ගත්ත මේ උත්සාහය මහා ලොකු බලාපොරොත්තුවක් වෙලා තියෙන්නේ දැන් , අපි බලමු කොහොම හරි මේක කරන්න. කොහොම හරි කරනවා.

    ReplyDelete