Monday 20 January 2014

නිහඬ ත්‍රස්තවාදය

ත්‍රස්තවාදියෙක් කියපුවාම අපිට ඔලුවට එන්නේ තුවක්කුවක් අතින් ගත්ත බෝම්බ එල්ල ගත්ත කඩු පිහි අතින් ගත්ත බයානක පෙනුමක් තියන සොල්දාදුවෙක් නැත්තනං බයානක පෙනුමක් තියන මරුමුස් මිනිහෙක්ව නේද ? එත් ඊට වඩා භයානක ත්‍රස්තයින් රැසක් මේ ලෝකේ ඉන්නවා, මුලටම ඉන්නේ ඒඩ්ස් රෝග වාහක HIV. මෙයාව පිටින් බලපුවාම කිසිම භයානක බවක් නෑ. 99 % ක් වැළදෙන්නේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරීත්වයෙන්. මාර ආතල් , මාර සුන්දරයි, ෆුල් ෆන් ,කරන්න කරන්න තව ඕනේ කියල හිතෙනවා, එකකින් නවතින්න හිතෙන්නෙම නෑ . අහවල් එක කරන්න ගියාම මොන HIV ද නේ? සැප සතුට ආතල් එක කන් දෙකෙන් හිටන් පෙරෙනවනේ . හැබැයි බඩු හැදුනට පස්සේ ????? ගැටලුව තියෙන්නේ එතනයි . එකයි HIV වලට නිහඩ ත්‍රස්තවාදියා කියල කියන්නේ, 


හරි, මම මේ පටන් ගත්තේ ඒඩ්ස් ගැන කතා කරන්න නෙමේ. අපේ මේ මුහුණු පොතේ සහ අන්තර්ජාලයේ ඉන්නවා ඔය වගේ නිහඩ ත්‍රස්තවාදියෙක්. 

"කංසා නැත්නම් ගංජා " ප්‍රචාරය කරන රස්තා බෝයිස්ලා - (weeds , cannabis )


කංසා ප්‍රචාරය කොහොමද නිහඩ ත්‍රස්තවාදියෙක් වෙන්නේ ???? අපි ඒ ගැනවිස්තර ඇතිව කතා කරමු. 


මෑත කාලයේ මේ ෆේස් බුක් මාධ්‍ය සහ අන්තර්ජාලය පුදුම විදිහට උපයෝගී කර ගන්නවා මේක ප්‍රචාරය කරන්න . හේතුව ඔය කංසා බොන අයට ඉඩක් නෑ , පවුර්ශයක් නෑ මේ ගැන එළිපිට සමාජේ හෝ පත්තර , ටෙලිවිෂන් හෝ වෙනයම් තැනක කතා කරන්න. නීතිය එක හේතුවක් , අනික් හේතුව මුළු සමාජයකින් පිළිකුල්ව බැහැර කරපු මත්ද්‍රව්‍යක් නිසාත් එයින් මුළු මහත් සමාජයම විනාශයට අරන් යන බව තමන්ගේ හදවත දන්නා නිසාත් වේ. 


ඔකේ රසම කොටස තමයි -------------

""""""""අම්ම දැන ගත්තොත් එහෙම """"""

ඒක කොහොමද නේ ???? මම ඒ ගැන වැඩිය කියන්නේ නෑ , හරි නෑනේ රස්ත බෝයිස්ලාගේ පොරත්වයට හානි වෙනවනේ. 


පසුගිය දවස් වල මාත් සමග කංසා පාවිච්චි කරන රස්තා බෝයිස්ලා ඇතිවූ තර්ක විතරක වලින් මට පෙනී ගිය , මම හදුනා ගත එක් පොදු කාරණයක් ඇත. එනම් 

"ගංජා බොනවානම් රසායනික හෝ වෙන කිසිම ද්‍රවයක් එකතු නොවූ පිරිසිදු ගංජා බොන්න ".

එක කෝණයකින් එකත් හරි . ඒක නිකන් මම සිගරට් බොන්නේ නෑ දුම්කොල බොනවා වගේ වැඩක් . 


දැන් ඊලග ප්‍රශ්නේ , කොහොමද ඔය පිරිසිදු කංසා හොයා ගන්නේ ??? ලැබුනත් ඒවා පිරිසිදුද කියල දන්නේ කොහොමද ?? පිරිසිදු කංසා වල කිසිම බලපෑමක් නැද්ද ???

ඔය ගැටලුවලට උත්තර කිසිම රස්ත බෝයි කෙනෙක් ළඟ නෑ කියල අපි දන්නවා. උත්තර තිබ්බත් ඒවා තමන්ගේ වාසියට හදා ගත්ත උත්තර පමණයි. උදාහරණයක් කියනවානම් අපි ඔක්සිජන් වාතය පාවිච්චි කරනවා වගේ, අපේ සරීරයට හරියන්නේ ගැලපෙන්නේ එච්චරයි ඉතින් ඒක තමා මේ විශ්වයේ තියන සුවදම , පිරිසිදුම , පුජනීයම වාතය. අපි එතනින් එහා දෙයක් දන්නේ නෑ . හැබැයි හදිස්සියේ හරි පිටසක්වල ජීවියෙක් ඇවිත් කීවොත් මේ ඔක්සිජන් කියන වාතය හෙන ගඳයි , අපිරිසිදුයි , එපාම කරපු දෙයක් , මේ විශ්වයේ පැවැත්මට ඕක හරියන්නේ නැ කීවොත් ඌව මරන් කන්න හදනවා. ඔන්න ඕකයි සත්‍යය . 

පිරිසිදු කංසා ලබා ගැනීමට, එක්කෝ තමන්ම පැලයක් හිටෝ ගෙන වැඩේ කර ගන්න ඕනේ නැත්තන් කංසා හේනකට ගිහින් කපා ගෙන එන්න ඕනේ, ඔය කරුණු දෙකම ප්‍රායෝගික නෑ .එක නිසා මල් විකුණන අහවල් අයියා ලගට ගිහින් පැකට් එකක් අරන් ඇවිත් ඔතල ගහනව. 

අනිත් හේතුව ලංකාව තුල මුදලට තමාගේ අම්මවත් විකුණන එකේ ඔය ගංජා පැකට් එකකට , ගහපුවාම ආතල් එක එන මොනවා හරි විස ජරාවක් දාල විකුනලා සල්ලි හොයන්න ජාවාරම් කරුවන් පෙලබෙනවා. 

ඒ වගේම ගානත් අඩුයිනේ එතකොට . 

----"අඩු වියදම් වැඩි ආතල්"------ ,. ලාබ බඩුවේ හිලක් තියනවා කියන එක කවුරුත් දන්න දෙයක් . 



ඊලගට කංසා වල බලපෑම . මේක විද්‍යාත්මකව පහදන්න මට බෑ. හේතුව මම දොස්තර කෙනෙක් හෝ මහාචාර්ය කෙනෙක් නොවන නිසාත් අන්තර්ජාලය පීරා කරුණු හොයා ගැනීමට තරම් අවශ්‍යතාවයක් නොවන නිසාත්ය, මොලේ තියන ඔනෑම කෙනෙකුට වැටහෙනවා දීරග්කාලීනව ගංජා බීපුවාම පෙනුම වැහැරිලා ,හකු බැහැල , මොලේ සයිල විනාශ වෙලා, අත් පා වල ගංජා ගැට නොහොත් පිළිකා සමාන ගැටිති එලියට ඇවිත් ,ලිංගික අප්‍රාණික තත්ත්වයක් උදා වෙලා (මේක ගැනු ළමයින්ට විශේෂයි ඈ. තමන්ගේ කොල්ල ගංජා බොනවද කියල විමසිලිමත් වෙන්න. ඔහු ගංජා බොනවානම් වෙන කොල්ලෙක්ගේ පිහිට තමයි ඈ ), මනසේ හා ශරීරයේ ප්‍රතික්‍රියා වේගය අඩු වෙලා (එකට කියන්නේ ගංජා බීවහම හෙන ස්ලෝව් මෝෂන් වෙනවා කියල ), ලජ්ජා බය සහ අනිකුත් හැගීම දැනීම වල වෙනස්කම් ඇති වෙනවා කියල. 

මේවා රොකට් සයන්ස් නෙමේ. මේ දේවල් බොහොම ප්‍රායෝගික , සාමාන්‍ය දැනුමෙන් විමසන්න පුළුවන් දේවල්. 


රස්තා සංකල්පය නොහොත් පොරත්වය . මේක තමයි මෙතන තියන ප්‍රධානම සහ භයානකම ගැටලුව. මේ පොරවල් කියන අය යම් දෙයක් කරන්නේද ,එහි හොද නරක විමසා නොබලා පොරවල් වීමට ඔහුව අනුගමනය කිරීම . 

මේකටත් උදාහරණයක් කියන්නම්. අපි පොඩි කාලේ ඉඳල එක එක අයව අනුකරණය කරනවා. පිරිමි ළමයි සාමාන්‍යයෙන් තමන්ගේ තාත්තා, මාම හෝ වැඩිමල් සහෝදරයෙක් නැත්තන් නළුවෙක් වගේ වෙන්න ට්‍රයි කරනවා, එයාල කන බොන විදිහ , දේවල්, ඇවිදින අදින පළදින විදිහ, කොන්ඩේ රැවුල කපන විදිහ , කතා විලාශය වගේ දේවල් කොපි කරන්න හදනවා. මට මතක හොදම උදාහරණය තමයි මගේ තාත්ත රැවුල කපන දිහා බලන් ඉඳලා හැමෝටම හොරෙන් රේසර් එක අරගෙන මුණ එහාට මෙහාට හරෝ හරෝ කට පුම්බ පුම්බ රැවුල නැතත් රැවුල කපන්න හදපු විදිහ. ගෑනු ළමයින් නම් එයාලගේ අම්මා , නැත්තන් විශේෂයෙන් නිලියක් වගේ වෙන්න හදනවා, මේවා බොහොම සාමාන්‍ය මනසිකත්ත්වයන් . මේවාගේ කිසිම වැරද්දක් නෑ . 

ගැටලුව පැමිණෙන්නේ තමන් අනුගමනය කරන පුද්ගලයා කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියා නොදැන අනුගමනය කිරීමේදීයි. 

___________________________________________________________________________________________

ගොඩක් වෙලාවට මේ රස්තා බෝයිස්ලා පුද්ගලිකව ගත් කල් මොන යම් හෝ විශාල ගැටලුවකට මුහුණ දුන් සහ දෙන අය. ජීවිතයේ තමන් සාමාන්‍ය මිනිසෙක් විදිහට සිටිය යුතු තැනට වඩා ගොඩක් පසු පසින් සිටින අය. මානසිකව වැටුන අය.ගොඩක් වෙලාවට ආර්ථික අපහසුකම්, ලැබිය යුතු නියම ආදරය, කරුණාව, රැකවරණය නොලබපු අය. නැතිනම් වෙනයම් හේතුවකින් සමාජයෙන් කොන් වුන අය . ඉතින් මේ ලැබුනේ නැති හිමි නැති සහ වැරදුන දේවල් ගැන අමතක කරලා එලියට එන්න මේ වගේ සංකල්ප සහ ක්‍රම පාවිච්චි කරනවා . ඒ පාවිච්චිය හරහා අමුතු ප්‍රතිරූපයක් මවා ගෙන සමාජයේ සහ මිතුරන් අතර මාර්ක් එකක් නැත්තන් පොරක් වීමට සහ තමන්ගේ ගැටලුකාරී මානසික තත්ත්වය මග හරවා ගැනීමට තැත් කරනවා. මේක තමයි රස්ත බෝයිස්ලාගේ නොපෙනෙන තිත්ත ඇත්ත. 

(දැන් මම මේ කියපු දේ ගැන පොඩ්ඩක් හරි මොලේ තියන රස්ත මල්ලි කෙනෙක් පොඩ්ඩක් වෙලාවක් අරන් ස්වයං විචාරයක් කරලා බලන්න, හදවතට කතා කරලා බලන්න මේ කාරනාව තමන්ට ගැලපෙන්නේ කොහොමද කියල. අඩුම ගානේ තේරුම් අරන් ජීවිතේ හදා ගන්න සිතුවිල්ලක්වත් පහළ උනොත් , අනේ රත්තන් මල්ලියේ මට මැසේජ් එකක් දාහන් . මට ඊට වඩා ජයග්‍රහණයක් නෑ .)

___________________________________________________________________________________________


මේ වැරදි ක්‍රම අනුගමනය කරන පොරවල් නොහොත් රස්ත බෝයිස්ලා පසු පස යන පාසල් යන සහ තරුණ වියට එළබෙන අයට මේ කිසි දෙයක් පෙනෙන්නේ නෑ . දකින්න නෑ . ඔවුන්ට පෙනෙන්නේ, "අම්මට හුඩු අරුගේ ටෝල්ක් ටික කොමද !!!! ලොක්කගේ වදන් සැට් එක පට්ට නේ !!!!!!!!(නොලැබුන ආදරය , කරුණාව සහ සැලකිල්ල නැති වෙලා තනිවෙලා නන්නත්තාර උනාම නිකම්ම දාර්ෂණික අදහස් එලියට එනවා ) අරුගේ ටැටූ එක කොමද !!!!! අරුගේ මාර හෙයාර් ඉස්ටයිල් එක නේ !!!!!!!! උගේ මාර ෆැෂන් එක නේ . එකම බ්‍රෑන්ඩ් එක තමයි පාවිච්චිය !!!!!(එක ඉසටයිල් නෙමේ හෝදන්නේ නැතිව එක දිගට එකම ඇඳුම අදින්නේ, පට්ට කම්මැලියි වතුර සම්බන්ද දේවල් වලට ), බුවාගේ ඇඟ පුල් ෆිට් නේ !!!!!(සරීරය එහෙම පෙනෙන්නේ ජිම් ගිහින් ඇඟ හදල හෝ පිරිසිදු ගුණදායක කෑම බීම නිසා නොව කන්නේ නැතිව සහ දවස් ගණන් ගංජා ගහල නිකන් ඉදීම සහ සරීරයට ගංජා නිසා ඇතිවන බලපෑම් නිසයි. ඔය තත්ත්වය හැමදාම නෑ ). 

ඔය වගේ පිටින් පෙනෙන දේවල් පමණයි. නමුත් ඒ තුල ජීවත් වෙන පුද්ගලයා මොන මානසික ගැටලුවකද ඉන්නේ කියන එක කියන්නේ නෑ , පේන්නේ නෑ. තමන්ගේ මානසික අසහනකාරී තත්ත්වය මග හරවා ගැනීමට ආවරණයක් විදිහට මේ රස්තා බෝයි නැත්තන් පොර සංකල්පය පාවිච්චි කරනවා .


ප්‍රචාරනය සහ මගේ විරෝධය -

මම මේ තටම තටම මේ ටික ලිවුවේ දැනට ගංජා බොන අයට "අනේ මල්ලියේ ගංජා බොන්න එපා , එක හොද නෑ , උඹ ඉක්මනට මැරිලා යයි " කියන්න නෙමේ. ඕකට ඇබ්බැහි උන එකා කොහොම මොනවා කීවත් වලපල්ලට ගිහින් ඉවරයි . එකව ගොඩ ගන්න මට කිසිම අමාරුවක් නෑ , උවමනාවකුත් නෑ . 
එකා ගංජා බීලා බීලා මැරිලා ගියත් මට දැනෙන්නේවත් නෑ. මට අදාලත් නෑ. නිවන් සැප ලැබේව කියල පොස්ට් එකක් දානවා, නැත්තන් කීයක් හරි යවනවා හත් දවසේ දානෙට ගන්න කියල. කීව නාහන ගුරු උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි කියල කතාවක් තියනවනේ . මම දගලන්නේ රස්ත බෝයිස්ලව බේරාගන්න නෙමේ.
 තවම මීට ඇබ්බැහි වෙලා නැති , ට්‍රයි කරලා නැති , තවම චරිත පසුපස යන පොඩි පාසල් යන වයස් වල ඉන්න අපේ තරුණ එක ජීවිතයක් හරි මේ කාලකන්නි , අවාසනාවන්ත , මෝඩ ත්‍රස්තවාදීන්ගෙන් බෙර ගන්න. 


දැන් කට්ටිය කියයි මේ ඉන්ටර්නෙට් එකෙන් ඕවා කරන්න පුළුවන් නම් බැරියැ කියල. මේ ඉන්ටර්නෙට් එකේ මොනවද කරන්න බැරි ????? එකයි දැන් ගැටලුව. ජෙනරාල් ගඩාෆිගේ රජය , ජීවිතය , මුළු රටේම පවතී තත්ත්වය වෙනස් වෙන්න හේතු උනේ අන්තර්ජාලයේ මුණු පොතේ එක පොස්ට් එකක් . ගුගල් ගහල බලන්නකෝ ඈ . පටන් ගත්තේ කොහෙන්ද කියල. 

===================="මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් හසන්ත මහත්තයෝ "======================

අපි මේ මුහුණු පොත් හරහා කොච්චර දේවල් කරාද . යම් යම් කාල වල හලාල් විරෝදී ව්යාපාර සහ ආගමික වැඩසටහන් සංවිධානය කළා. රට ජාතිය ගැන යම් යම් කරුණු ජනතාව අතරට අරන් ගියා, දන්සල් දුන්නා, අනාථ නිවාස වලට ආබාධිත අය වාසය කරන නිවාසවලට උදවු උපකාර කළා , නොදන්නා විෂයවල් ඉගෙන ගත්ත, විනෝද චාරිකා ගියා , ලේ දන් දීමේ වැඩසටහන් කළා. 2013 මම දැක්ක හොදම එකතු වීම "වැලිකන්දට මනුස්සකමෙන් පුස්තකාලයක් ". එක මාසයයි සතියක් ඇතුලත පොත් 3,000 ක් . එළිපිට සමාජයේදී හිතන්නවත් පුලුවන්ද ????? මේවා කලේ මේ මුණු පොත හරහා නේද ??? නෑ කියන්න පුලුවන්ද ??? කවදාවත් නොදැකපු , හමුවෙලා නැති සිරි අයියා (මම සහබාගී උන ඉවෙන්ට් පමණයි මම සදහන් කරන්නේ ) එක්ක විශ්වාසයෙන් එකතුවෙලා එකමුතුව වැඩ කළා . අනිත් කාරණය මේ හැම දෙයක්ම ෆේක් . අපේ මුණු ෆේක් . අපේ නම් ෆේක්. 

දිව හැරුන හැරුන පැත්තට නමන්න පුළුවන් උනාට හදවතේ තියන ඇත්ත වෙනස් කරන්න එපා සහෝදරවරුනේ . 

මේ අපරාදේ කරන්න එපා. බොන දෙයක් , ගහන දෙය තමන්ගේ පාඩුවේ කර ගන්න. එපා කියන්නේ නෑ . කියන්න අයිතියක් නෑ . ඕක ඔයාගේ ජීවීතේ . මේක මගේ ජීවීතේ. තමන්ට කැමති දෙයක් කරගන්න , කිසි ගැටළුවක් නෑ . හැබැයි සමාජෙට දෙනවානම් විනාශකාරී දෙයක් දෙන්න එපා. 
 මොන ආගම ඇදහුවත් මනුස්සයෙක් විදිහට තමන් ඉන්න , තමන් ජීවත් වෙන සමාජෙට යහපත් වැඩක් කලේ නැතත් අඩුම ගානේ නරකක් කරන්න එපා. හොද කරන්න බැරි වෙන්න පුළුවන්. තමන්ගේ හිත එකග නොවෙන්න පුළුවන්.එත් නරක දෙයක් , විනාශකාරී දෙයක් දෙන්න එපා . සමාජය විනාශ කරන්න මාර්ගය හදල දෙන්න එපා. එකයි මගේ එකම ඉල්ලීම . 


ජය ශ්‍රී 

මීට සිරී නොහොත් මද්දුවා 


13 comments:

  1. දැන් ඉස්සර වාගේ ගංජා නැ බං.අපි කොල්ලො කාලේ පාර දිගේ ගංජා ගගහ යනවා සමහරක් උන්

    ReplyDelete
    Replies
    1. ඊට වඩා එවුවා ඇති අටම් අයියේ දැන්.,fb එක පැත්තේ ටිකක් ගිහින් බලන්නකෝ..ගංජා දැකලවත් නැති අයගේ පොර ටෝක්ස්

      Delete
    2. ඔව් . මෙතන තියන අවුල මේක පුරුදු කරවන්න කරගෙන යන දේවල්. මම එකටයි විරුද්ද. බොන එකා කොහොමත් බොනවා. නොබොන එකාව අමුතු දේවල් පෙන්නලා මේකට ඇදල ගන්න හදන එකයි මේ ගැටලුව. මේ ෆේස් බුක් ජාලය නියම තැනක් ඔය වගේ දේවල් ප්‍රචාරය කරන්න. ගංජා බොන එකාව නතර කරන්න කොහොමත් බෑ , ඕන කමකුත් නෑ .

      Delete
  2. නියමයි sri අයියේ මං පෝස්ට් එක කියෙවුවට කොමෙන්ට් කරන්න පර්රක්කු උණා., ඔබේ ඉල්ලීම් හරිම මානුෂියයි.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි එක්නෙම. ඒ වගේම මේකට පාට දාල පිළිවෙලට හදල තියනව, පින් ඈ

      Delete
    2. එලස්

      Delete
  3. ලිපියෙන් උඹ කියන්න යන දේ ගැන එකඟයි. ඒත් බං කෝටි ගණන් වටිනා ගන්ජා විනාස නොකර ඒවා සල්ලිබවට හරවන්න හෝ බේත් ලෙස අපනයනය කරන්න ක්‍රමවෙදයක් තිබ්බනං රටට සල්ලි නේද එන්නේ.

    ReplyDelete
  4. ගංජා හොඳ බෙහෙතක්ලු. විස්කිත් හොඳ බෙහෙතක් තමා හදවත් රෝගවලට. නමුත් අන්ගේ එල්ලන් දිනපතා ගැහුවම වෙන දේ කියන්න ඕනේ නැ නේ. අනික අමං අහලා නැ එක විද්‍යාඥයෙක් වෛද්‍යවරයෙක් ගංජා ගහලා ඔය තත්වයට අවා කියලා.

    ගංජා පිරිසුදුය කියලා නැ. කාලයක් භාවිතයෙන් නාසය අවට පිළිකා, පෙනහළු පිළිකා ඇතිවෙනවලු. ඒ වගේම ස්වසන අපහසුතා. ඕකේ තියෙන්නේ THC කියලා සංයෝගයක් ලු. ගුගල් එකෙන් ඒ ගැන වැඩිය හොයන්න.

    Cannabis side effects
    Cannabis is also known as Ganja, grass, Hashish, Hemp, Indian hemp, marijuana, Pot, reefer, weed.

    Long term effects of heavy use can include:
    irritation to the lungs, risk of developing chronic bronchitis and an increased risk of developing cancer of the respiratory tract (more likely to do with smoking).

    exacerbation of pre-existing cardiovascular disease, as cannabis use significantly raises the heart rate.

    decreased concentration levels, reduced short-term memory and difficulties with thinking and learning (resolved if cannabis use stops).

    decreased sex drive in some people. Chronic use can lower sperm count in males and lead to irregular periods in females (resolved if cannabis use stops).

    dependence on cannabis - compulsive need to use the drug, coupled with problems associated with chronic drug use.

    ReplyDelete
  5. සහතික ඇත්ත ස්‍රි අයියා .... ගොඩක් අය හිතන්නේ ඔව පාවිච්චි කර එක පොරත්වය කියලනෙ
    …...... බබී ...........

    ReplyDelete
  6. මලක් නොගහපු එකා හොහෙද ඒකේ ආතල් එක දන්නේ.. කවදාවත් නොබීපු උන්, බොන එක ගැන බයිලා ගහනවා.. සිකැරට් උනත් එහෙමයි.. හරක් මස් සීන් එක ගත්තත් එහෙමයි.. ඒ මක්කත් නෙමෙයි කරවිල ගැන උනත් මතය ඕකයි.. මට වෙද මහත්තයෙක් කිව්වා මේවා නිෂ්ප්‍රභා කිරීමත් ලෙඩක් කියලා.. මගේ නම් පොලිසි එකක් තියෙනවා..

    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත.. අර කැහි සිරප් එක වැඩියෙන් ගහලා මැරෙන්නේ... ආන් ඒ වගේ..

    ReplyDelete
  7. ලංකාවේ තහනම් උනත් ඔව්ව පිටරට හරි පටවන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. හෙන විදේශ විනිමය ප්‍රමාණයක් ගන්න පුළුවන් එව්වනේ දෙයියනේ අර පුච්චනවා වගේ අපට පෙන්නන්නේ. ;)

    ReplyDelete
  8. ලංකාවේ තහනම් වුනත් ඉතින් පිටරට නම් මේවට තියෙන ඉඩකඩ එච්චරම අහුරලා නෑ..

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ. පිටරටවල් වල ඔයිට වඩා නීති තායි. යුරෝපයේ රටවල් වල කොහෙත්ම බෑ .මම අවුරුදු 5 ක් තිස්සේ මේවාගේ කරක් ගහනවා . හැම තැනම ගිහින් තියනවා. . ගංජා එක ග්රෑම් එකක් එක්ක අහු උනත් හිරේ දානවා. කවුරු හරි එහෙම නෑ කියල තියනවනම් ඔප්පු කරලා පෙන්නන්න කියලා මම අබියෝග කරනවා

      Delete