ලොකු වෙන්න වෙන්න
ලස්සන වෙන්න වෙන්න
සුවඳ වැඩි වෙන්න වෙන්න
මම සල්ලි දීල ගත්ත
මම පොහොර දාල හදපු
උදේ හවස වතුර දාල
රැක බලා ගත්ත
මගේ මල් කැකුළ
මම වැඩ ඉවර වෙලා ගෙදර එද්දි
ඈතින් හිටපු ඉර දිහාට හැරිල
මට අදහ ගන්නත් බෑ
ඒත් ඇත්තයි...
ඉරේ උනුසුම මට වඩා ලංවෙලා,,,,,,,,,,,,,
මම ලෑස්තියි
අලුත් මල් පැලයක් ගේන්ඩ නෙමේ
මගේ මලට
ඉරේ උනුසුම විදින්න දීල
පැත්තකට වෙන්න
ඒත්.......
කව්ද එතකොට වතුර දාන්නෙ
කව්ද පොහොර දාන්නෙ
කව්ද රැකවරණය දෙන්නෙ
ඉර එන්නෙ උනුසුම දෙන්න විතරක් බව
මගේ මලට වැටහෙන දවසට.......
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සිරියා නොහොත් මද්දුවා
අනිත් ඒවත් දායි.. කළබල වෙන්නේ එපා...
ReplyDeleteහිරු නැති ලොවක් නැත
ReplyDeleteඑල නිර්මාණයක්.
ReplyDeleteමෙන්න දුලා'ස් ස්පෙෂල්
ඔය සුරිය කාන්තා පලේ ගලෝලා විසිකරලා වෙසක් මල් ගහක් හිටෝගන්න කීවානේ බිම බලාගෙන ඉදි ... :)
ReplyDeleteහොද අදහසක් sri අයියේ ,, දිගටම ලියන්න
අන්තිමේ ඔහොම තමයි බං..
ReplyDelete"mal wala hati ohoma thamai...wadiya hiyhanna epa ane..." lassana adahas tika aiye
ReplyDeleteමල් ගැන ඕනවට වඩා කලබල වෙන්න ගියොත් මල් ගහන්න තමයි වෙන්නේ :D
ReplyDeleteනියමයි. දිගටම ලියපන්..